Advertisements

මහින්දට රුපියල් කෝටි 100ක අල්ලස් – සජින් වාස්ගේ ප්‍රකාශය

හමුදා මූල­ස්ථා­නය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ ඩොලර් මිලි­යන 5ක (කෝටි 100) අල්ලස් මුද­ලක් ගැනීම සම්බ­න්ධ­යෙන් අල්ලස, දූෂ­ණ­යට නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නය අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමි­ණි­ල්ලක් කළේය.

ඒ අනුව ඩොලර් මිලි­යන 05 (කෝටි 100) ක් අල්ලස් වශ­යෙන් සිංගප්පූරුවේ විදම්බරම් නමැති පුද්ගලයකු ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයකට අනුව, ටී.පී.එල්. ඉත්මා (TPL Itma) සමාගම සහ හෙලියාට් (Heliat) නමැති උපදේශන සමාගම මඟින් මෙම මුදල් ලබාදී ඇති බවට එම පැමිණිල්ලේ දක්වා ඇත.

ඒ අනුව හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 5ක (කෝටි 100ක) අල්ලස් මුදලක් මහින්ද රාජපක්ෂ ලබාගත් බවට සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට (27) දින පැමිණ ඇත.

සජින් වාස් ගුණවර්ධන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ කරුණු උපුටා දක්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම මුදල් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් මිලදී ගැනීමට සහ සී.එස්.එන්. (CSN) මාධ්‍ය ජාලයට ලබාදී ඇති බවද එහි සඳහන් කිරීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කොමිසම වෙත කැඳවා ඇත.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව කළ දැනුම් දීමකට එහි පැමිණි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest