විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට සහ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධව ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (28) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට එක් වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“1978 ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒක සකස් කලේ ව්‍යස්ථා නීතිය සම්බන්ධයෙන් නීති විශාරදයින් ඔවුන් ජනමත විචාරණයකට යා යුතු වගන්ති ප්‍රමාණයක් ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා. ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,9,10,11, 30/2 සහ 62/2 මේවා තමයි තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය ඒවා.
මේවා ව්‍යවස්ථාවේ සඳහන් කරන දේවල්. මේවා හැදුවේ නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් එතකොට මේ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඒ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේ වගන්තිවල කොහේවත් සඳහන් වෙන්නේ නෑ.”

