මන්ත්‍රී චමින්ද විජේසිරි කියන්නේ සමගි ජන බලවේගයට පමණක් නොව, අපේ ලංකාවාසී ජනතාවටම ලොකු ශක්තියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
තමන් අභියාචනා ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ විශ්වාසය පළ කරන බවත් එම ක්‍රියාවලිය තුළින් නිසි තීරණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
බදුල්ල මහාධිකරණය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“විශේෂයෙන්ම, අපි අනිවාර්යෙන්ම ඇපීල් කරනවා. වඩාත් වැදගත් වන්නේ පෙනී හිටපු ගරු ජනාධිපති නිතීඥවරුන් ප්රමුඛ ඒ නීතීඥ කණ්ඩායමෙන්ම නිශ්චිත තීන්දු ලබාගැනීම වැදගත්. චමින්ද විජේසිරි මැතිතුමා කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි, සමගි ජන බලවේගයට පමණක් නෙවෙයි, අපේ ලංකාවාසී ජනතාවටම ලොකු ශක්තියක්.”
“අද විධායකය, අධිකරණය සහ අධිකරණ බලය උදුරාගැනීමේ ප්රයත්නයක නිරත වෙලා සිටිනවා. ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම තුළ විනිසුරුවරුන් පුරප්පාඩු වලට පත් නොකිරීම තුළ, ඇත්ත වශයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට, මේ රටේ ප්රජාතන්ත්රවාදයට, ජනතා පරමාධිපත්‍යට, ජනතා ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.“

