විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් වුවහොත් අගවිනිසුරුවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ,
“වැඩේ තියෙන්නේ මේකනේ. අපි කිවුවේ තමන්ගේ නඩුව තමන් ඇසිය යුතු නෑ. දැන් අර හොංකොංවල, මට මතක හැටියට අපේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාට මතක ඇති කියලා මම හිතනවා, ඒකෙදී ඒ අග්‍රවිනිශ්චයකාරතුමා ඉල්ලා අස්වුණා.
මේ වගේම එකක් ගෙනල්ලා කාලය දීර්ඝ කරන්න ආපුවාම එතුමා කිවුවා මම මේකෙන් ඉල්ලා අස් වෙනවා. ඉතින් මම කියන්නේ අපේ අග්‍රවිනිශ්චයකාර තුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා, කරුණාකරලා ඔබතුමා ගෞරවනීය විනිශ්චයකාරතුමෙක්.
ඔබතුමා විශාල වැඩ කොටසක් කරපු කෙනෙක් මේ රටේ. කරුණාකරලා මේක ගෙනාපුවාම ඔබතුමාටත් පුළුවන් ඉල්ලා අස්වෙලා, එක්කෝ මේ නඩුව අහන්නේ නැතුව පැත්තට වෙලා නිකන් හිටියා නම් ඇත්තටම ඒක තමයි කරන්න තියෙන හොදම දේ.”

