රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිට සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත සහ නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීම බවත් ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට අද ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (28) පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

