හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (30) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර එළඹෙන (12) වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.
ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර, ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ, රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලකුත්, ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසීය අසූ හතරයි සත පනස් නවයක මුදලක් අවභාවිත කර ඇත.

