අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ විවාදය අගෝස්තු (05) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අදාළ විවාදය අගෝස්තු (05) වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
අගෝස්තු (04) සිට (07) දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.
අගෝස්තු (05) වැනිදා හැර අනෙකුත් සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

