Advertisements

තවත් ඩොලර් මිලියන 200ක් ලංකාවට

මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

මෙම මුදල් ආධාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිත අතර අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය ණයක් ලෙස වෙන් කර ඇත.

දුරස්ථ ගැටුමක බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටිය නොයුතු බවත් ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වන බවද ADB සභාපති Masato Kanda සඳහන් කරයි.

මෙම ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේ ඇතිවිය හැකි බාහිර කම්පනවලට වඩාත් හොඳින් මුහුණ දීමේ හැකියාවද ශක්තිමත් වනු ඇති බවද ADB සභාපති Masato Kanda සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest