මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කරයි.
මරණ දඬුවම නියම කෙරුණු දිනයේ සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු බැවින් කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බවද නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි සතියේදී හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර බවද නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කරයි.
හිටපු පොලිස්පතිවරයා හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට (01) ගිය අවස්ථාවේදී නීතිඥ රොෂාන් දෙහිවල මේ බව සඳහන් කරයි.

