Advertisements

මහර බන්ධනාගාරයේ අලුත්ම තත්ත්වය.. ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

ඊයේ (01) පස්වරුවේ මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගත්තේය.

මෙම නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්විය.

තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව, පොලීසිය සහ නාවික හමුදාව යෙදවීමටද පියවර ගත් අතර කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නොසන්සුන්තාවය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 දරන ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානායක් යෙදවීමටද පියවර ගත්තේය.

රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනිතබා ඇති බව වාර්තා වන අතර එක් ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමග රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහ කර ඇති අතර ඒ සමග ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කළේය.

එම අවස්ථාවේදී රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බව වාර්තා වේ.

මේ අතර පවතින තත්ත්වය තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කළේය.

ඒ අනුව එම ප්‍රදේශ සඳහා මේ වනවිටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest