පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් ආහාර පහසුකම් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජංගම මුළුතැන්ගෙවල් හතරක් (04) සූදානම් කර ඇත.
අවශ්‍යතාව මත ක්ෂණිකව උණුසුම් ආහාර සැපයීම සඳහා එම ජංගම මුළුතැන්ගෙවල් යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.



