නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මගී ඉල්ලුම ඉහළ යාම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ඇති උපායමාර්ගික වැදගත්කම මෙන්ම කොළඹ මහනගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණ සැලකිල්ලට ගනිමින් මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ පළමු අදියර එම නගරවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මෙට්‍රෝ බස් ඇණියේ ධාවනය සඳහා අවශ්‍ය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින්, 2026 මාර්තු (06) දින පිරිනැමූ බස් රථ 100ක කොන්ත්‍රාත්තුව යටතේම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් පත්ල පහත් බස් රථ 50ක් මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

