රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද (04) දින සළකා බැලීම ආරම්භ විය.
ඒ අනුව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එහිදී කරුණු ඉදිරිපත් කර ඇත.
අනතුරුව අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන (06) වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (04) දින නියෝග කර ඇත.
මේ අතර තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් පසුගියදා එම පෙත්සම ඉදිරිපත් කළේය.

