පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය මත මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදාවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56කට බලපෑම් එල්ල වී අති අතර පවුල් 3,014ක පුද්ගලයින් 11,832ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදාවෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

