“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ තාක්ෂණික සහයෝගයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ඉංජිනේරු අංශය සඳහා සංවර්ධනය කරන ලද නව යටිතල පහසුකම් අද (04) දින නිල වශයෙන් විවෘත කළේය.
ඉංජිනේරු අංශයේ කාර්මික ශිල්පීන්ට වඩාත් ආරක්ෂිත, පිරිසිදු හා කාර්යක්ෂම සේවා පරිසරයක් නිර්මාණය කිරීමත්, බස් රථ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කරන ලද මෙම යටිතල පහසුකම්, රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ සාර්ථක ආදර්ශයක් ලෙසින් පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් සපයනු ඇත.
- කාර්මික ශිල්පීන් සඳහා ගුණාත්මක හා සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම.
- බස් රථවල දෛනික පරීක්ෂණ, නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම.
- නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නවීකරණය කිරීම.
- බස් රථවල සේවා සූදානම හා විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීම.
- මගී ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක හා විශ්වාසනීය ප්‍රවාහන සේවාවක් අඛණ්ඩව ලබාදීම.





