අද (05) දින අලුයම රත්මලානේ, ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධව පාතාල සබඳතාවයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ජනෙල් පියන් 02ක වීදුරු පුපුරා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර ඉන් එකක් පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය ගෙවත්තේ වැටී තිබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
නිවසේ හිමිකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු වන දැනට විදෙස්ගතව සිටින රසල් ඇලෝසියස් ස්මිත් යන අයගේ පියාගේ සහෝදරයෙකුගේ පුතෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
රසල් ඇලෝසියස් ස්මිත් යන අය අපරාධ කල්ලි නායකයින් වන සිංහාර අමල් ශාමින්ද සිල්වා නොහොත් අංජු හා එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් ධර්මේ යන අයවලුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව වාර්තා වේ.

