ඉදිරියේදී පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) දින පැවැත්වුණි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විය.
එහිදී ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව ඇත.
හෙට (06) සහ (07), (08) දිනවල වැසි සහිත කාලගුණයක් ඇති වුවහොත් විභාග කටයුතු සම්බන්ධව ඇති වෙන බලපෑම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිතය.
වැසි සහිත කාලගුණය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු (09) වැනිදා පැවැත්වීමට නියමිත අතර 2026 අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු (10) වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

