බැඳුම්කර වංචාව ගණුදෙනුව කතාකරන්න රනිල් වික්‍රමසිංහ කෝප් කමිටුව අරලියගහ මන්දිරයට කැඳවු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ,
“මට අද වගේ මතකයි. මම අතන පුටුවේ හිටියා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතන හිටියා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කීවේ මොකක්ද.? අර්ජුන මහේන්ද්‍රන් වෙඩින් එකකට යනවා සිංගප්පූරුවේ.
එයා ඕන වෙලාවක ගෙන්නලා දෙන්නම් කීවා. මේ පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා. අදත් වෙඩින් එක ඉවර නෑ තාම එයාට. අර්ජුන මහේන්ද්‍රන්ගේ වෙඩින් එක තාම ඉවර නෑ. එහෙම තමයි එදා විනිවිදභාවය ක්‍රියාත්මක වුණේ. ඩොලර් මිලියන ගණන් මේ රටට පාඩු වුණා.”
“තාම මේ ක්‍රියාවලිය ඉවර නෑ. මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳව ගණුදෙනුව තාවකාලිකව බහාතබලා තියෙන්නේ. හරිද ඒක බහාතබලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ඒකත් විභාගයට ගන්න තියනවා.”
“ඡන්දෙ කරන්න සල්ලි නැති නිසා සිරිකොතේ, අධිවේගී මාර්ගවල ණය ගෙවන්න සල්ලි නැති නිසා කියලා මාමලා බෑණලා ගිහිල්ලා සාකච්ඡා කරලා මහ බැංකුවට ගැහුවේ සයිබර් ඇටෑක් එකක් නෙමෙයි. මනුස්ස ඇටෑක් එකක්.
ඒක ඔබතුමාලගේ හෘද සාක්ෂිය දන්න අය දන්නවා. හෘද සාක්ෂියේ තියෙන දේ නීතිය හමුවට ගේන එක තමයි දැන් අපිට තියෙන ජන වරම. අපට ජනතාව ඡන්දය දීලා තියෙන්නේ මොකක්ද.
ඒ ඔබතුමාලගේ හෘද සාක්ෂිය දන්න, අපේ දන්න, අපට දැනෙන, සාක්ෂි සටහන් වලදී ඒ දවස්වල සජීවි විකාශය තිබුණේ නැති නිසා ඔබතුමාලා කියපුවා, කරපුවා අපි දන්න, ඒ ගණුදෙනුවේදී සාක්ෂි වසන් කරන්න පගාව ගත්ත කට්ටිය කියපු කරපු දේවල් දන්න ඒවට පොත් ලියපු අය ඉන්නවා මේකේ.
ඒවා වහන්න. ඒවා දන්න දේවල් දැන් නීතිය හමුවේ ඔප්පු කරන්න තියෙනවා. ඒවා සාකච්ඡා කරපුවා, ගෙවල් බදු දීපුවා, ගෙවල් රෙන්ට් එකට දීපුවා, ගෙවල් ලැබිච්ච තෑගි දීපුවා, එපාට්මන්ට් හම්බෙච්ච ඒවා, ඒවා අපි දන්නවානේ.
මේකේ 159ක් හිටියට, මේකේ හය, හත් දෙනෙක් ඉන්නවා සාක්ෂි කාරයෝ. සජීවී සාක්ෂි කාරයෝ. පාර්ලිමේන්තුවේ රැස්වෙන කෝප් එක අරලියගහ මන්දිරයේ රැස්වුණේ. මතකයි නේ. පාර්ලිමේන්තුවේ රැස්වෙන කෝප් එක අරලියගහ මන්දිරයේ රැස්වුණා.”
“එතකොට අර්ජුන් මහේන්ද්‍රන් එදා අරලියගහ මන්දිරයට කැඳවලා තිබුණා. මේ රටේ බැඳුම්කර වංචාවේ ගණුදෙනු කතාකරන්න කෝප් කමිටුව කැඳෙවුවා රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට.
එයාර් බස් ගණුදෙනුව සාකච්ඡා කරන්න චමල් රාජපක්ෂල කෝප් එක කැඳෙවුවා කතානායක නිල නිවාසයට. එහෙම ඉතිහාසයක් මේ අපි පහුකරලා ආවේ. එහෙම ඉතිහාසයක් නිවැරදි කරන්න නම් මොකක්ද කරන්න ඕන.? අධිකරණය හරියට තියෙන්න ඕන.”

