බන්ධනාගාර ගැටුම් උණුසුම්.. ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.

ඒ අනුව අද (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

බන්ධනාගාර තුළ ඉන්න රැඳවියන්ගේත්, බන්ධනාගාරයට අදාළ සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම් පාලනයකට ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ. ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් කැඳවලා තිබෙනවා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන්. ඒ නිසා වහා වහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනවා.”

0 Comments
Most Voted
Newest Oldest