2025 අංක 25 දරණ පනතින් සංශෝධිත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සදහා සූදානම් වීම සම්බන්ධයෙන් මගපෙන්වීම් සැපයෙන පෞද්ගලික දත්ත ආරක්ෂණ චක්‍රෙල්ඛය නිකුත් කර ඇත.
එමගින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සදහා සූදානම් වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය සහ අනෙකුත් රාජ්‍ය අධිකාරීන් වෙත මගපෙන්වීම් සැපයෙන බව දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරයි.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සදහා සූදානම් වීමට ඉදිරි කාලය තුළ රාජ්‍ය අංශයේ ආයතන ගත යුතු පියවර පිළිබද ප්‍රායෝගික මගපෙන්වීම මෙම චක්‍රලේඛයෙන් සපයා ඇති බවත් අදාළ විධිවිධාන මගින්, පෞද්ගලික දත්ත රැස් කරන, භාවිත කරන ගබඩා කරන හෝ සකසන රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතු මූලික නෛතික මූලධර්ම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙමගින් අවධානය යොමුකර ඇත.

