නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් මිලියනයක දඩයක් නියම කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
රජය මඟින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය කර ඇත.
2022 වසරේදී නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 220ක උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් රතු නාඩු සහල් කිලෝවක් මිල රුපියල් 225 බැගින් සටහන් කර වෙළෙඳපොළට සැපයීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා තිබුණේය.
අනතුරුව (06) වන දින මෙම නඩුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම වරදකරු බවට අධිකරණය තීන්දු කළේය.
