බන්ධනාගාර ගැටුම පිටිපස්සේ ඉදන් මෙහෙය වන්නේ නාමල්

දැන් බන්ධනාගාර ඇතුලේ අර්බුදයක් තියෙන බවත් එය සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් බවත් 11,000ක් දාන්න පුලුවන් තැන 45,000ක් දැම්මම පීඩනයක් තියෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මෙවැනි සිදුවීමක් වූ පසු එහි වගකීම විපක්ෂය පිට පැටවීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් ආණ්ඩුව පසුගිය අයවැයෙන් බන්ධනාගාරවල අවම වශයෙන් වැසිකිළි පහසුකම්වත් වෙන් කිරීමට පියවර නොගත් බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

ආණ්ඩුවට උවමනාවක් තියනවා නම් මේක පිටිපස්සේ හැංගිච්ච කාරණයක් තියනවා නම් ඒක කරගන්න. බොරු කියන්න එපා. අධිකරණ පද්ධතියේ පීඩනය වැඩි කරන්න ගරු විනිශ්චයකාරවරු බඳවා ගන්න ඕන.

පුරප්පාඩු පුරවන්න ඕන. ඒවා කරන්නේ නෑ. උසාවි ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒවා කරන්නේ නෑ. රස පරීක්ෂණ වාර්තාව පැය 24න් දෙන්න ආණ්ඩුව ආයෝජනය කරන්න ඕන. ඒවා කරන්නේ නෑ.

හැබැයි වයස වැඩි කරාම බන්ධනාගාර පීඩනය අඩු වෙනවාලු. අධිකරණයේ පීඩනය අඩු වෙනවාලු. මෙන්න ආණ්ඩුවේ ක්‍රියාවලිය. දැන් බන්ධනාගාර ඇතුලේ අර්බුදයක් තියෙනවා. මේක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්.

11,000ක් දාන්න පුලුවන් තැන 45,000ක් දැම්මම පීඩනයක් තියෙනවා. අඩු ගාණේ පහුගිය අයවැයේ බන්ධනාගාරවල වැසිකිලි පහසුකම් හදපු නැති ආණ්ඩුව. අද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා බලයේ ඉන්න කාලේ මේ වගේ සිද්ධියක් සිදුවුනා.

ඇවිල්ලා කිව්වා ආණ්ඩුව වගකියන්න ඕනේ. එවකට තිබ්බ ආණ්ඩුව. කවුද කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා. හැම පුරවැසියෙක්ගෙම ජීවිතයට ආණ්ඩුව වග කියන්න ඕනේ කිව්වා.

දැන් එයාලා ආණ්ඩුවේ ඉන්නකොට මේ වගේ උනාම මොකක්ද කියන්නේ.? විපක්ෂය වගකියන්න ඕනේ. මේක ෂුවර් එකට නාමලයාගේ වැඩක්. මේකට විපක්ෂය වගකියන්න ඕනේ. නාමල් වගකියන්න ඕනේ කියලා ආණ්ඩුව කියනවා.”

ආණ්ඩුවට එහෙම පේනවාද දන්නෑ මාව බැලුවාම පොඩි මෙහෙම පොරක් ඔහොම හිටියට. මෙයා තමයි මේක පිටිපස්සේ ඉදන් මෙහෙයවන්නේ මේ රටම.”

පොදුජන පෙරමුණ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ ජන හමුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest