තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවට හිටපු සාජන් බණ්ඩා මේ වනවිට විශ්‍රාම අරන් සිටින බවත් ඊළග ආණ්ඩුවේදී ඔහු පොලිස්පති ධූරයට පත් කරන්න සුදුසු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,
“ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විදිහට විශ්‍රාම අරගෙන වසර පහකට පස්සේ ශානි අබේසේකර මහත්තයාට නියෝජ්‍ය පොලිස්පති ධුරයක් ලැබිලා තියෙනවා. අපි දන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරපු පත් කිරීමක් තමයි.
එහෙම කරන්න බෑ කියපු පත්වීමක් තමයි ලබාදීලා තියෙන්නේ. ඒක හොද පුර්වාදර්ශයක් මේ රටේ. ඉස්සරහට තව තව පොලීසියේ විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 80වේ, 90වේ අයත් ඇවිල්ලා තනතුරු වලට එයි.
මගේ පෞද්ගලික ආරක්ෂාවේ හිටිය සාජන් බණ්ඩා මේ වෙනකොට විශ්‍රාම අරන් ඉන්නේ. මම යෝජනා කරනවා ඊළග ආණ්ඩුවේදී ඔහු පොලිස්පති ධූරයට පත් කරගන්න සුදුසුයි.”
