ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු මහා සභා රැස්වීමේදී එම සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස් පත්ව ඇත.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ගෝලීය සම්මේලනය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමග සෘජුවම අනුබද්ධව ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය කටයුතු කරයි.
ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවලද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි සංගම් පිහිටුවා ඇත.
