ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වත්මන් පොලිස්පතිවරයා මහමගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ගැන සිදුවන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාදීමට සාගර කාරියවසම් අද (10) දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට පැමිණි අවස්තාවේදි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
