ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තවත් පූර්ණ පහසුකම් සහිත ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් (Fully Equipped Mobile Drug Test Bus) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යංශයීය පරිශ්‍රයේදී අද (10) දින සිදු කළේය.
PZA – 0040 අංක දරණ සායනික බස් රථය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෑඅවුරුදු උපාය මාර්ගිත සැලැස්මට අනුව ක්‍රියාත්මක කර ඇති ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මේ යටතේ අපේක්ෂා කරයි.
පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පලාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.
පරීක්ෂණ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමත් සමග දිවයිනේ සෙසු පලාත් වලටද මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.
ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කර ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට ආරම්භ කර ඇති මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ජාතික වැඩසටහන යටතේ මේවනවිට පරීක්ෂා කිරීම් 7,150 ක් සිදුකර ඇත.
මේ වැඩපිළිවෙල සඳහා අන්තර් අමාත්‍යංශයීය සහයෝගිතාව ලබාගනිමින් කෙටි, මැදි හා දිගුකාලීන වැඩපිළිවෙලක් තුලින් මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කරගැනීම අපේක්ෂා කරයි.

