සංවිධානාත්මක අපරාධකරු ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි ඉෂාරා සෙව්වන්දි අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
