ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ගුරු හිඟය විසඳීම, උසස් අධ්‍යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
මෙම රැස්වීමේදී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු විය.
එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු හිඟයට මුහුණ දෙන පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.
ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කිරීම පිළිබඳව සාකච්ඡා විය.
උසස් අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධ්‍යාපන ක්ෂේත්රයේ තත්ත්ව සහතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මීට අමතරව පාසල් ඉඩම් හා යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අන්තර්කරණ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් ඉදිරිපත් විය.

