බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත් එම ගැටුම් ඇතිවීමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඊට අවශ්‍ය පිළියම් යොදමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රැඳවියන් සහ නිලධාරීන් ඇතුළු 1,500කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එහිදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් 61 දෙනෙකු චූදිතයින් ලෙස නම් කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එම ගැටුමට සම්බන්ධව එක් අයෙකු ඊයේ (10) දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් 925කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධව මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මෙම සිදුවීම් සම්බන්ධව අන්තර් සම්බන්ධයක් මෙන්ම බාහිර පාර්ශ්වයක් සම්බන්ධ යන්නේද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
