අවුරුදු හතරක් පමණ වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදී වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.
ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැක කරන අතර එම දැරිය රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර දැරිය තම පවුලේ හෝ පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව වත්තේගම පොලීසිය සඳහන් කරයි.
