අද (14) දිනයට පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් සිසුන්ට විශේෂ දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බවත් පළවන අසත්‍ය ප්‍රකාශ වලට කලබල නොවී සුපුදුරු පරිදි කාල සටහනට අනුව තම විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සියලුම සිසු සිසුවියන්ට දැනුම් දෙයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ,
“නියමිත ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නොමැත. ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු අවස්ථාවක සිදුනොවී ඇති බව අවධාරණය කරමි.
ව්‍යාජ තොරතුරු වලින් කලබලයට පත්නොවී නියමිත පරිදි විභාගයට මුහුණ දෙන්න. නියමිත කාලසටහන පරිදි සියලුම විභාග මධ්‍යස්ථාන වල විභාගය පැවැත්වෙන බැවින්, සියලුම අපේක්ෂකයන් තමන්ට නියමිත කාලසටහන අනුව මධ්‍යස්ථාන වලට පැමිණ, විභාගය සඳහා මුහුණ දෙන්න.”
