පසුගියදා මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝගය මත පේරාදෙණිය පොලීසියේ රඳවාගෙන මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.
අනතුරුව සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (25) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් එදින රාත්‍රියේ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
