හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ අබුඩාබි ජාතික තෙල් සමාගමට (ADNOC) අයත් නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇත.
නෞකා දෙකකට එල්ල වු ප්‍රහාර සම්බන්ධව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරානය වෙත චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමුස් හරහා ගමන් කරමින් තිබියදී මෙම නෞකා දෙක ප්‍රහාරයට ලක්වූ බවත් හැකි ඉක්මනින් තත්ත්වය පාලනය කළ බවට ADNOC සමාගම තහවුරු කර ඇත.
දින කිහිපයකට පෙර ADNOC නැවකට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව මෙම නව ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරයෙන් කිසිදු තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමුස් අවහිර කරමින් එය භාවිතා කරන පාර්ශ්වයන්ගෙන් ගාස්තු අය කිරීමට ඉරානය උත්සාහ දරන අතර අමෙරිකාව මෙම සැලැස්මට දැඩි විරෝධය පළ කරමින් ඉරාන නෞකා සඳහා ප්‍රති අවහිරයක් ක්‍රියාත්මක කර ඇත.
ඉරාන නියෝග වලට අනුකූල නොවී හෝමුස් හරහා ගමන් කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පසුගියදා ප්‍රකාශ කළේය.
