අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇත.
ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
අත්අඩංගුවට ගත් ‘ශිරාන් බාසික්’ සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාරදී ඇත.
‘ශිරාන් බාසික්’ මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව සැලකේ.
48 හැවිරිදි ‘ශිරාන් බාසික්’ ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබුණි.
ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ ‘ශිරාන් බාසික්’ පසුගිය මැයි (26) වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
ශිරාන් බාසික්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් / හානියන් සිදු කිරීම යන චෝදනා පවතින බව පොලීසිය සඳහන් කරයි.
තවද ‘ශිරාන් බාසික්’ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳව ඉදිරීයේදී විමර්ශන සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.
පොලිස්පතිවරයාගේ නියෝග සහ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් ‘ශිරාන් බාසික්’ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.
