මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහ තද වැසි සහිත කාලගුණික වෙනස්වීම් හේතුවෙන් දරුවන් අතර ආකාර දෙකකින් රෝග බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
අධික උණුසුම හේතුවෙන් දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මව්වරුන් විජලනයට පත්වීමේ හැකියාව පවතින බවත් එනිසා වැඩිපුර ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කිරීම සුදුසු බවත් දරුවන්ට ජලය ලබාදීමේදී ඔවුන්ගේ ශරීර බරට සරිලන ලෙස ජලය ලබාදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
මෙම කාලයේ පාචන තත්ත්වයන් පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බැවින් සෑම විටම දරුවන්ට පිරිසිදු පානීය ජලය සහ පිරිසිදු ආහාර පමණක් ලබාදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
ජලය පානය නොකර එළිමහනේ රැකියාවල නිරත වීම, විනෝද චාරිකා යෑම ආදිය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන්, ක්ලාන්තය, වලිප්පුව වැනි සංකූලතා ඇතිවිය හැකි අතර එය මරණයට හේතු විය හැකි බරපතළ තත්ත්වයක් බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
තවද දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකර සිටීමෙන් වකුගඩු ආබාධ ඇතිවීමේ ඉහළ ඉඩකඩක් පවතින බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් නිවසින් බැහැරට යන අවස්ථාවන් වලදී ජල බෝතලයක් රැගෙන යන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
තවද පැණි බීම සහ කෙටි ආහාර දරුවන්ට ලබාදීමෙන් වළකින ලෙසත් ඒ වෙනුවට දෙහි, නාරං, දොඩම්, තැඹිලි වතුර, කැඳ වර්ග සහ සුප් වැනි ස්වාභාවික දියර වර්ග පානය කිරීමට යොමු වන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
