අනතුරට ලක්වූ නාවික යාත්‍රාව සොයා මෙහෙයුම්

ඊයේ (15) දින අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග මුර යාත්‍රාව සම්බන්ධයෙන් වන සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

මෙම අනතුරින් මුදාගත් නාවික හමුදා පිරිස් 11 දෙනා මේ වන විටත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

අනතුරට ලක්වූ නාවික යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම් අද (16) සිදු කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

කෙසේ වෙතත්, පවතින දැඩි මුහුදු රළු ස්වභාවය හේතුවෙන් එම මෙහෙයුම් සඳහා විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0 Comments
Most Voted
Newest Oldest