වනජීවී පශු වෛද්‍යවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් පරිසර අමාත්‍යංශය විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව වනජීවි හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය නිලධාරින්ගේ සහාය ලබාගැනීමට, පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව මෙන්ම, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී වනජීවී හදිසි ප්‍රතිකාර සේවා ලබාදීමේ ප්‍රායෝගික ගැටලු නිර්මාණය වී ඇත.
වසර දහයකට අධික කාලයක සිට පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

