වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව එම අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත විසින් ලිඛිතව දැනුම්දී ඇත.

වැටුප් සහිත අනිවාර්ය නිවාඩු පනවා ඇති කාලය තුළ එම අධිකාරියේ කාර්යාලයකට හෝ වැඩබිමකට ඇතුල්වීම තහනම් වන අතර සභාපතිවරයාගේ අවසරකින් තොරව විදේශගත නොවිය යුතු බවද එම ලිපියේ සඳහන් වේ.

ආයතන සංග්‍රහයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය මාලාව කඩකරමින් බරපතළ විෂමාචාර කීපයක් මූලික වශයෙන් හෙළිවීම මෙම තීරණයට හේතුව වන බව සඳහන් වේ.

සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඔප්පු වූවහොත් රටේ පවතින නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සභාපති ජේ.කේ.ඒ සිරිනාත සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest