ඕමානයේ සිට කුදලාගෙන ආ “සමිට්පුර චතූ” CCDයට

ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) දින අලුයම දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් ‘සමිට්පුර චතූ’ කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත රැගෙන ගියේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මෝදර චතූ’ නොහොත් ‘සමිට්පුර චතූ’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඕමානයේදී අත්අඩංගුවට ගත්තේය.

කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා, 2025 වසරේදී මාර්තු (22) වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕමානය වෙත පලාගොස් තිබුණේය.

සංවිධානාත්මක අපරාධකරු ගනේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙකුද වන මොහු, මෙරට තුළ සිදුකළ අපරාධ රැසක විමර්ශන කටයුතු සඳහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයෙකි.

0 Comments
Most Voted
Newest Oldest