ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං එළඹෙන සැප්තැම්බර් මස පළමු සතිය තුළ මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest