දූෂණ චෝදනාවක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (18) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

