22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පළමු පෙත්සම

LIVE

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (18) දින පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී, අනතුරුව එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිදු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest