පාසල් සිසුන් රැසකට රජයෙන් මාසික දීමනාවක්

2026 අයවැය යෝජනාවකට අනුව, අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් හඳුනාගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒ අනුව සිසුන් 5,530 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇත.

එම සිසුන්ට මාසික දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

0 Comments
Most Voted
Newest Oldest