අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනා අවස්ථා 10,151ක කදී ගිණුම් 89ක් මගින් මුදල් නීති විරෝධීව ප්‍රේශණය කර ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“2026 ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා විසින් FCID එකට කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශන කටයුතු ආරම්භ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාම ගිණුම් 210ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අධිකරණ අවසරය ලැබිලා තියෙනවා.
ඒ සිදුකර ලද විමර්ශනයේදී 2026-06-19 වන දින මීගමුවෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා ඔහුට දින 7ක රඳවා ගැනීම් නියෝග ලබා දීලා දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. ගිණුම් 89ක් මගින් මුදල් ප්‍රේශණය කරලා තියෙනවා අවස්ථා 10,151කදී. රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74ක්.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා ටෙලිග්රැෆික් ට්‍රාන්සර් යටතේ මෙය සිදුකරලා තිබෙන්නේ.”
