LIVE
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.
අදාළ නිලධාරියා දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව වාර්තා වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සියදිවි හානි කරගැනීමට හේතුව අසනීප තත්ත්වය නිසා ඇතිවූ මානසික පීඩනයක්ද, නැතහොත් වෙනත් පෞද්ගලික කරුණක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
එම විහාරස්ථාන පරිශ්‍රය තුළදීම පොලිස් නිලධාරියා වෙඩි තබා ගැනීම සිදු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
