මේ රට දියුණු, යහපත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේදී අන් කවර බලයකට වඩා මහජන බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව ජනතාවට අගතියක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා අතරම ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේක්ෂා කරන්නේ පොදු ජනතාව තුළ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කිරීමත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“මගේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීන්දුවක්, කිසිදු පියවරක් මේ රටේ මහජනතාවට අගතියක් වන කුඩා හෝ සිදුවීමක් සිදු නොවන බවට මම වගබලා ගන්නවා. අද නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශාල අඬහැරයක් ගොඩනැගීමට උත්සාහ කරනවා.
එම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මම අපේක්ෂා කරන්නේ අපේ ජනතාවට යුක්තිය පිසඳලීම සඳහා තිබෙන කාර්යය වේගවත් කිරීමයි. ඒ කිසිවකින් මේ රටේ පොදු ජනතාවට අගතියක් නොවන බවට මම සහතික කරනවා.
පොදු ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසයත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවත් මේ තුළ ගැබ්ව තිබෙනවා.
කවුරු, කුමන අන්දමින් කුඩා කුඩා ප්රතිවිරෝධතා දැක්වුවද ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව මම ඔබට සහතික වෙනවා.
ඒ වගේම ගනු ලබන මෙම තීන්දුවල යම් අඩුවක් තිබේ නම් එය වෙනස් කිරීමටද අපි කිසිසෙත් පැකිළෙන්නේ නැහැ. අපි සෑමවිටම ජනතාවගේ හඬට සවන් දෙන ආණ්ඩුවක්.“
මීගමුව අල් – හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරුවේ පැවති 42 වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
