LIVE
ඉරානයට එරෙහිව අමෙරිකාව ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කළහොත් එයට “වේදනාකාරී ප්‍රතිචාරයක්” ලබාදෙන බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් අනතුරු අඟවා ඇත.
අමෙරිකාව තවදුරටත් පමා වීමට පෙර ඉරානයට එරෙහි යුද්ධයේ ‘ක්‍රීඩා නීති වෙනස් වී ඇති’ බවට වටහා ගත යුතු බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් සඳහන් කරයි.
ඉරානයේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වලට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මින් ඉදිරියට වඩාත් වේගවත්, බරපතළ සහ වේදනාකාරී ප්‍රතිචාරයක් ලබාදෙන බවද කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් සඳහන් කරයි.
