සෞදි අරාබියේ දකුණු දිග නගරවල සිවිල් ප්‍රදේශ වලට සහ ආර්ථික මර්මස්ථාන වලට යේමනයේ හූති කැරලිකරුවන් දැවැන්ත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 73 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයත් සමඟ ලොව විශාලතම තෙල් අපනයනකරු වන සවුදි අරාබියේ බලශක්ති මධ්‍යස්ථාන කිහිපයක මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.
බොරතෙල් බැරල් ලක්ෂ 4ක් දිනකට නිෂ්පාදනය කරන ජිසාන් බලශක්ති මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වී ඇති අතර එම ප්‍රහාරය ඉතා බරපතළ බව සවුදි රජය ප්‍රකාශ කර ඇත.
මිසයිල ප්‍රහාර එල්ල වූ ස්ථානවල ගිනිගැනීම් පාලනය කිරීමට සහ තුවාල ලැබූ අය රෝහල්ගත කිරීමට සවුදි බලධාරීන් වහා පියවර ගෙන ඇති අතර තුවාල ලැබූ අය අතර කාන්තාවන් සහ දරුවන් ද සිටින බව වාර්තා වේ.
සිය රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් හූති කැරැලිකරුවන්ගේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවද සවුදි රජය නිවේදනය කර ඇත.
අනතුරුව පැය කිහිපයකට පසු යේමනයේ හූති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින පළාත් රැසකට ප්‍රහාර එල්ල කර ඇත.
