විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අය කිරීම ගැන තීන්දුවක්

LIVE

දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය විසින් අභියාචනා පෙත්සම් ගොනු කළේය.

ඒ අනුව ගොනුකළ එම අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

0 Comments
Most Voted
Newest Oldest