LIVE
හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
අනුරාධපුරයේ පසුගිය (12) වනදා පැවති රැළියේදී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහසයක් වී ඇතැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය ලබාදී ඇත.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබු සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් එම ඉල්ලීම සිදුකර ඇත.
අනතුරුව එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.
